පිටුවෙන් පිටුවට
අකුරෙන් අකුරට
ලිවිය නොහැකි බවද
කියවිය නොහැකි බවටද
ඉදුරාම දන්නා ඉසව්වක
කතාන්දර ලියවුණි ...
දන්නා නොදන්නා
ඉමක් කොනක් නැති පාරාදීසයන්හිදි
සමහර කතාවන් කතාවන් පමණක් වු බවද
එයින් එහාට සමහරක් කතා
අමරණීය වූ බවද දනිමි ....
එකින් එක විමසා බැලිය නොහැකි තැන
නමක් දිය නොහැකි තැන
කතාවෙන් බිදක් ,
මාරුතයක
සගවා එවා ඇති බවට ඉසව්වක් දන්නා බව මා ද දනිමි
ඉන් එහාට මාරුතයට
කවුද ?
මොකටද ?
ඇයිද ?
යන්න විමසීමට කරුණු තනා නොමැත
ඒ වග හොදින් හදුනනා වගත් ,මාරුතය කෙරේ ඇති හැගීම පිලිබදවත්
මේ මිටියාවත දන්නා බැව්ද දනිමි
ඉන් එහාට ....
පිපෙන නොපිපෙන මල් ගැන මට වගක් නැත
හමන සුළගේ වේගය ගැන මට වගක් නැත
තවද
පායන ඉරට ,පායන හදට සාක්ෂි වන්නේද නැත
ඉතිං ,
මාරුතයේ කීම විනා
අනෙකුත් චණ්ඩ මාරුතවල වගකීම් පිලිබද මා තකන්නේද නැත
ඉදින් ,
කවරදාක වුව...
කවර වෙලාවක වුව ...
මාරුතයේ මුදු සිසිලට
සාක්ෂියක් තැබීමට සිදු වන්නේ නම් ,
හමා ආ චණ්ඩ මාරුත
ගැන ඕනවටත් වඩා
වද වී ඇති බව මාරුතයට පසක් කොට
ඉර හදට සාක්ෂි තබා
මිටියාවතක මලක මෙසේ ලියා තබමි!