මන්දාකිණිය සොයා....

Thursday, July 13, 2023

අහස

 



නිහැඩියාවක් අද්දර 

ආවෙමි හනික සොයාන 

දහසක් හීන මැද 

හැදිනුවෙමි නුඹව මම 

හීන නම් කොච්චර ද 

ඉතිං එහෙමයි නේද 

අද නැතත් හෙට 

එනවාාාමයි ඔන්න 

ඉතිං එහෙනම් අහස 

ඔහොම පොඩ්ඩක් ඉන්න 

ආසයි මටත් ඔන්න 

හිරිකඩ මැදින්ම පියාඹන්න 

ඉතිං එහෙනම් හනික 

ආයේ එනවාමයි නේද..?

මතක


 


කවිකාර සිතකි ඇය

සිහින ගෙත්තම් අතර

ආදරේ සලුපොටින් 

දිළෙයි ඈ හද අරණ

විහිදයි ඈ හැගුම්

පොපියනා රාගික සිතක

මත්වෙයි ඈ සිතු ලෙසින් 

රාගයේ ගින්නක පැටලි

.............. .

මතක සිත පුබුදුවා

හඩයි ඈ ගිණියම් රැයක

අද තබයි ඒ මතක

පිපුන මල් යහන මත

Saturday, July 1, 2023

ඇය

 



කුස්සියේ ලිප මුල්ලෙ

නැගෙන දුම් රොටු අතර

ඇගේ අවිහින්සක සිනාව

අළු මතින් නැගී එයි

අදත් එදා වාගේම....


දැලි ඉදුල් කහට රත් 

මවයි , දෑත කැටයමකි

දෙපතුලෙහි ඉරි තැලුනු 

නියගයකි කාෂ්ටක....


මා හොවා උකුලෙ ඈ

නැළ වූ සැටි කවි ගොතා

අදත් මා සිත් ඉමක

පාරවයි හද පුරා....

අහස

  නිහැඩියාවක් අද්දර  ආවෙමි හනික සොයාන  දහසක් හීන මැද  හැදිනුවෙමි නුඹව මම  හීන නම් කොච්චර ද  ඉතිං එහෙමයි නේද  අද නැතත් හෙට  එනවාාාමයි ඔන්න  ඉ...