මිහි දැහැන

මන්දාකිණිය සොයා....

Thursday, July 13, 2023

අහස

 



නිහැඩියාවක් අද්දර 

ආවෙමි හනික සොයාන 

දහසක් හීන මැද 

හැදිනුවෙමි නුඹව මම 

හීන නම් කොච්චර ද 

ඉතිං එහෙමයි නේද 

අද නැතත් හෙට 

එනවාාාමයි ඔන්න 

ඉතිං එහෙනම් අහස 

ඔහොම පොඩ්ඩක් ඉන්න 

ආසයි මටත් ඔන්න 

හිරිකඩ මැදින්ම පියාඹන්න 

ඉතිං එහෙනම් හනික 

ආයේ එනවාමයි නේද..?

මතක


 


කවිකාර සිතකි ඇය

සිහින ගෙත්තම් අතර

ආදරේ සලුපොටින් 

දිළෙයි ඈ හද අරණ

විහිදයි ඈ හැගුම්

පොපියනා රාගික සිතක

මත්වෙයි ඈ සිතු ලෙසින් 

රාගයේ ගින්නක පැටලි

.............. .

මතක සිත පුබුදුවා

හඩයි ඈ ගිණියම් රැයක

අද තබයි ඒ මතක

පිපුන මල් යහන මත

Saturday, July 1, 2023

ඇය

 



කුස්සියේ ලිප මුල්ලෙ

නැගෙන දුම් රොටු අතර

ඇගේ අවිහින්සක සිනාව

අළු මතින් නැගී එයි

අදත් එදා වාගේම....


දැලි ඉදුල් කහට රත් 

මවයි , දෑත කැටයමකි

දෙපතුලෙහි ඉරි තැලුනු 

නියගයකි කාෂ්ටක....


මා හොවා උකුලෙ ඈ

නැළ වූ සැටි කවි ගොතා

අදත් මා සිත් ඉමක

පාරවයි හද පුරා....

Tuesday, May 30, 2023

මාරුතය

 


පිටුවෙන් පිටුවට 
අකුරෙන් අකුරට 
ලිවිය නොහැකි බවද 
කියවිය නොහැකි බවටද 
ඉදුරාම දන්නා ඉසව්වක 
කතාන්දර ලියවුණි ...
දන්නා නොදන්නා 
ඉමක් කොනක් නැති පාරාදීසයන්හිදි 
සමහර කතාවන් කතාවන් පමණක් වු බවද 
එයින් එහාට සමහරක්  කතා 
අමරණීය වූ බවද දනිමි ....

එකින් එක විමසා බැලිය නොහැකි තැන 
නමක් දිය නොහැකි තැන 
කතාවෙන් බිදක් ,
මාරුතයක 
සගවා එවා ඇති බවට ඉසව්වක් දන්නා බව මා ද දනිමි 
ඉන් එහාට මාරුතයට 
කවුද ?
මොකටද ?
ඇයිද ?
යන්න විමසීමට කරුණු තනා නොමැත
ඒ වග හොදින් හදුනනා වගත් ,මාරුතය කෙරේ ඇති හැගීම පිලිබදවත්
මේ මිටියාවත දන්නා බැව්ද දනිමි 
ඉන් එහාට ....
පිපෙන නොපිපෙන මල් ගැන මට වගක් නැත 
හමන සුළගේ වේගය ගැන මට වගක් නැත 
තවද 
පායන ඉරට ,පායන හදට සාක්ෂි වන්නේද නැත 
ඉතිං ,
මාරුතයේ කීම විනා 
⁣අනෙකුත් චණ්ඩ මාරුතවල වගකීම් පිලිබද මා තකන්නේද නැත 
ඉදින් ,
කවරදාක වුව...
කවර වෙලාවක වුව ...
මාරුතයේ මුදු සිසිලට 
සාක්ෂියක් තැබීමට සිදු වන්නේ නම් ,
හමා ආ චණ්ඩ මාරුත 
ගැන ඕනවටත් වඩා 
වද වී ඇති බව  මාරුතයට පසක් කොට 
ඉර හදට සාක්ෂි තබා 
මිටියාවතක මලක මෙසේ ලියා තබමි!


කවිය

  ඝණ අදුරේ දිදුළන දෙව් දුවකි

            ඇය...

අමාවකට තනි රකිනා තරුව

             ඇය...

තනි රකිනා සිත් දැහැනට සිත් අහස 

             ඇය....

කවිය නුඹයි සිතුවිලි රජ කරන 

             සිත....


              


          

ක්ෂීර සාගරය


 

අහස

  නිහැඩියාවක් අද්දර  ආවෙමි හනික සොයාන  දහසක් හීන මැද  හැදිනුවෙමි නුඹව මම  හීන නම් කොච්චර ද  ඉතිං එහෙමයි නේද  අද නැතත් හෙට  එනවාාාමයි ඔන්න  ඉ...